කැනඩා විදේශ ඇමති ආසියාවේ සංචාරය – අද ඉන්දියාවට

කැනඩාවේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ කොටසක් ලෙස, කලාපයේ රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් අද (12) සිට ඔක්තෝබර් 17 දක්වා ඉන්දියාව, සිංගප්පූරුව සහ චීනය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව කැනේඩියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඉන්දීය සංචාරය අතරතුර, ආනන්ද් නවදිල්ලියේදී විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් හමුවනු ඇති.

වෙළඳ විවිධාංගීකරණය, බලශක්ති පරිවර්තනය සහ ආරක්ෂක ගැටළු ඇතුළත් උපායමාර්ගික සහයෝගීතාව සඳහා රාමුවක් ඉදිරියට ගෙන යාම කෙරෙහි සාකච්ඡාවල දී අවධානය යොමු කරනු ඇතැයි සඳහන්.

දිල්ලියට අමතරව, කැනඩාවේ සහ ඉන්දියාවේ ආයෝජන, රැකියා උත්පාදනය සහ ආර්ථික අවස්ථා පෝෂණය කරන කැනේඩියානු සහ ඉන්දියානු ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමට ආනන්ද් මුම්බායි වෙත යන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඉන්දීය සංචාරයෙන් අනතුරුව කැනඩා විදේශ අමාත්‍ය අනිතා ආනන්ද් සිංගප්පූරුවට සහ චීනයට සංචාරය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18