කැනඩාව සහ මෙක්සිකෝවට තීරුබදු ක්‍රියාත්මක කිරීම, ට්‍රම්ප් දින තිහකට රිවස් කරයි

කැනඩාවට සහ මෙක්සිකෝවට තීරුබදු ක්‍රියාත්මක කිරීම මාසයක් සඳහා අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් සමඟ කළ සංවාදවලින් පසුව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් එම දින 30ක කාල සීමාවෙන් පසු ට්‍රම්ප් කැනඩාව සහ මෙක්සිකෝව වෙනුවෙන් උමන ප්‍රතිපත්තියක් අනුගමන කරයි ද යන්න තවමත් පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් චීනය මත එක්සත් ජනපද තීරු බදු අද දිනය ඇතුළත ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ට්‍රම්ප්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් දේශසීමා බලාත්මක කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමට එකඟ වූ බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පවසා තිබෙනවා.

එම එකඟතාව මත දෙරට සඳහා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 25% තීරු බදු දින 30ක් දක්වා අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10