කැනඩාව සහ මෙක්සිකෝවට තීරුබදු ක්‍රියාත්මක කිරීම, ට්‍රම්ප් දින තිහකට රිවස් කරයි

කැනඩාවට සහ මෙක්සිකෝවට තීරුබදු ක්‍රියාත්මක කිරීම මාසයක් සඳහා අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් සමඟ කළ සංවාදවලින් පසුව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් එම දින 30ක කාල සීමාවෙන් පසු ට්‍රම්ප් කැනඩාව සහ මෙක්සිකෝව වෙනුවෙන් උමන ප්‍රතිපත්තියක් අනුගමන කරයි ද යන්න තවමත් පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් චීනය මත එක්සත් ජනපද තීරු බදු අද දිනය ඇතුළත ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ට්‍රම්ප්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් දේශසීමා බලාත්මක කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමට එකඟ වූ බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පවසා තිබෙනවා.

එම එකඟතාව මත දෙරට සඳහා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 25% තීරු බදු දින 30ක් දක්වා අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?