AFC Banner
AFC Banner
Empty Ad

කැකුළු සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක්

කැකුළු සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ ප්‍රකාශයට පත් කළා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

මෙම නව ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 210ක්.

ඒ, අනුව මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට ද මෙම ගැසට් නිවේදනය මඟින් නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?