AFC Banner
AFC Banner
Empty Ad

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිපිරීමක් (ඡායාරූප)

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (07) දහවල් පිපිරීමක් සිදුව තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරයේ වැසිකිළිය තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි කැකිරාව පොලිසිය සඳහන් කළේ.

පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයා ද නිල කාමරය තුළ සිට ඇති අතර, මෙම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැහැ.

පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරයට අයත් වැසිකිළියට හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
12
+1
2
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?