ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (20) පස්වරු 2.30 සිට හෙට (21) පස්වරු 2.30 තෙක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය අද පෙරවරු 8.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් දූපත් මුහුදු ප්‍රදේශයට ආසන්නව උතුරු අක්ෂාංශ 10.1ත් නැගෙනහිර දේශාංශ 92.6ත් (10.1N 92.6E) ආශ්‍රීතව කේන්ද්‍රගතව පවතී.
එම පද්ධතිය ආසනන්නව උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී හෙට (21) උදෑසන 5.30 පමණ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් සහ එදිනම සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව වැඩිදුරටත් පැවසීය.




