කාසිය වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දු යැවීමට ඔහු තීරණය කළා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් එංගලන්තය තරගාවලිය ජයගෙන පෙරමුණේ සිටිනවා.

මෙම තරගාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

මෙම ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව නිශාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා ඇති අතර, දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වෙනුවට විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ ද මෙම තරගයේ දී එක් වෙනස්කමක් සිදුකර ඇති අතර, මැතිව් පොට්ස් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ජෝෂ් හල් කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහක යන පරිප්පු කන්න බෑ..අ#පත කළු කඩ කාරයන්ට ෂොට් දෙන්න..පාරිභෝගික අධිකාරිය දැන් කෝමා වෙලාද?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40