AFC Banner
Empty Ad
Empty Ad

කාසිය වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දු යැවීමට ඔහු තීරණය කළා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් එංගලන්තය තරගාවලිය ජයගෙන පෙරමුණේ සිටිනවා.

මෙම තරගාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

මෙම ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව නිශාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා ඇති අතර, දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වෙනුවට විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ ද මෙම තරගයේ දී එක් වෙනස්කමක් සිදුකර ඇති අතර, මැතිව් පොට්ස් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ජෝෂ් හල් කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?