මෙරට වනාන්තර තුළ සිටින විශාලතම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ ජීවිතයට ඇති තර්ජන පිළිබඳව පොලිසියට මේ වනවිට පැමිණිලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.
අද (05) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව හා සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් ඒ අනුව ඇතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරිපියවර ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවේ.
මේ අතර හස්තියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් පවතින බවට තවමත් තොරතුරක් වාර්තා වී නොමැති බවත්, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් අවධානය යොමුකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී සඳහන් කර සිටියා.















