වවුනියාව මහාධිකරණ විනිසුරු ලෙස සේවය කළ මානික්කවාසගම් ඉලන්චේලියන් මහතා සිය සේවා දිවියෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.
ඒ, මහතාගේ විශ්‍රාම යාමේ උත්සවය ඊයේ (01) වවුනියාව අධිකරණ සංකීර්ණයේ දී පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය මහාධිකරණයන්හි දිගු කලක් සේවය කර ඇති ඔහු අත්දැකීම් බහුල මහාධිකරණ විනිසුරුවරයෙක්.
මතභේදාත්මක නඩු විභාග ගණනාවක් වෙනුවෙන් පෙනී සිටි එම්.ඉලන්චේලියන් මහතා යුද සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් පවතින හබයාස්කෝප් නඩුව වැනි අභියෝගාත්මක නඩු රැසක් විනිශ්චය කළ අයෙක් ද වනවා.
2017 වසරේ ජුලි මාසයේ යාපනය ප්‍රදේශයේ දී වෙඩි තැබීම සිද්ධියකට මුහුණදීමට ද සිය සේවා කාලය තුළ විනිසුරු ඉලන්චේලියන් මහතාට සිදු වුණා.
කෙසේ වෙතත් ඉන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුනොවූ අතර, විනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් සැරයන්වරයා එම වෙඩි ප්‍රහාරයට ලක්ව මියගියා.
තමන්ගේ ජීවිතය බේරා වෙඩි උණ්ඩයකට බිළි වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර වෙනුවෙක් කෘතගුණ දැක්වීමට කටයුතු කළ විනිසුරු එම්. ඉලන්චේලියන් පිළිබඳව එවක සමාජය තුළ වැඩි අවදානයක් යොමු වුණා.