කාර්ය මණ්ඩලය නැතුව නතරවූ දුම්රිය හෙට සිට ධාවනයේ

කාර්යය මණ්ඩලයේ හිගතාව හේතුවෙන් පසුගිය දිනවල අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර කිහිපයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ විශේෂ උපදෙස් අනුව හෙට සිට යළි ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව උදෑසන 5ත් පස්වරු 7ත් අතර කාලය තුල ධාවනය වෙමින් තිබියදී සේවක හිගය හේතුවෙන් අවලංගු කෙරුණු දුම්රිය හෙට සිට යළි ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා කියාසිටියේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව මෙවර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂයෙන් දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 4ක් ලෙස ගමන්වාර 16ක් යොදවා තිබෙනවා.

මෙම දුම්රියන් ධාවනය වන්නේ සාමාන්‍ය දුම්රිය ධාවන කාලසටහනට අමතරවයි.

එමෙන්ම දැනට දුම්රිය කාලසටහනට අනුව ධාවනය වන දුම්රියන් ද හෙට දිනයේ ඒ ආකාරයෙන්ම ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

කිසියම් දුම්රියක් ප්‍රමාද වන්නේ නම් හෝ විභාගයට යන සිසු සිසුවියන්ට අපහසුතාවක් සිදුවන්නේ නම් එම අවස්ථාවල ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමී කර විභාග අපේක්ෂකයන්ට පහසුකම් සලසන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ධාවනය වන දුම්රිය ගමන්වාර අධීක්ෂණය සඳහා සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙකු ද පත් කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?