කාර්ය මණ්ඩලය නැතුව නතරවූ දුම්රිය හෙට සිට ධාවනයේ

කාර්යය මණ්ඩලයේ හිගතාව හේතුවෙන් පසුගිය දිනවල අවලංගු කෙරුණු දුම්රිය ගමන් වාර කිහිපයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ විශේෂ උපදෙස් අනුව හෙට සිට යළි ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව උදෑසන 5ත් පස්වරු 7ත් අතර කාලය තුල ධාවනය වෙමින් තිබියදී සේවක හිගය හේතුවෙන් අවලංගු කෙරුණු දුම්රිය හෙට සිට යළි ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා කියාසිටියේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව මෙවර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂයෙන් දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 4ක් ලෙස ගමන්වාර 16ක් යොදවා තිබෙනවා.

මෙම දුම්රියන් ධාවනය වන්නේ සාමාන්‍ය දුම්රිය ධාවන කාලසටහනට අමතරවයි.

එමෙන්ම දැනට දුම්රිය කාලසටහනට අනුව ධාවනය වන දුම්රියන් ද හෙට දිනයේ ඒ ආකාරයෙන්ම ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

කිසියම් දුම්රියක් ප්‍රමාද වන්නේ නම් හෝ විභාගයට යන සිසු සිසුවියන්ට අපහසුතාවක් සිදුවන්නේ නම් එම අවස්ථාවල ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමී කර විභාග අපේක්ෂකයන්ට පහසුකම් සලසන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ධාවනය වන දුම්රිය ගමන්වාර අධීක්ෂණය සඳහා සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙකු ද පත් කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16