AFC Banner
Empty Ad
Empty Ad

කාන්තා 20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද රාත්‍රියේ

කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (20) රාත්‍රියේ පැවැත් වෙනවා.

මෙවර අවසන් මහා තරග සඳහා නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

අවසන් මහා තරගය පැවැත් වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් තවමත් අයි.සී.සී කුසලානයට හිමිකම් කියා නොමැති අතර, ඒ අනුව ඔවුන් දෙපිළම සිය කුළුඳුල් ලෝක කුසලානය මව්බිමට රැගෙන යාමේ අපේක්ෂක්වෙන් අද රාත්‍රියේ පිටියට පිවිසෙනවා.

මේ අතර අද පැවැත්වෙන අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික විනිසුරුවරියක් වන නිමාලි පෙරේරාට හිමිව තිබෙනවා.

ඒ, අනුව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයක දී පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය බවට ඇය ඉතිහාසයට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?