AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් 06ක් මෙහෙයවූ මොරටුමුල්ලේ සූදු පිටිය වටලයි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මොරටුමුල්ල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සූදු පිටිය පවත්වාගෙන ගිය කාන්තාවන් හය දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම වැටලීමේදී රුපියල් එක්ලක්ෂ පනස්දහසකට ආසන්න මුදලක්, කාඩ් කුට්ටම් කිහිපයක් සහ ජංගම දුරකථන කිහිපයක් සිය භාරයට ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

කාලයක සිට මෙම සුදූ පිටිය පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් අද (21) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මොරටුමුල්ල පොලීසියට සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?