කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි සිදුවීම් ගැන කියන්න නව දුරකථන අංකයක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපරාධ වාර්තා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකය වන ‘109’ හරහා කාන්තාවන්ට එරෙහි අපරාධ වාර්තා කළ හැකියි.

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාදීමට හෝ පැමිණිලි කිරීමට පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ක්ෂණික ඇමතුම් අංකය හරහා කිරීමේ හැකියාව පවතිනවා.

2023 දෙසැම්බර මාසයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී නව දුරකථන අංකයක් හඳුන්වා දෙන බවයි.

සිද්ධිය වාර්තා කරන ඕනෑම අයෙකුගේ පහසුව සඳහා ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලැබෙන ඇමතුම්වලට පිළිතුරු ලබාදීම සඳහා පොලිස් කාන්තාවන් පමණක් යෙදවීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වය, ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට කෲරත්වය යනාදිය විමර්ශනය කර වළක්වනු ලබනවා.

[email protected] යන විද්‍යුත් තැපෑලෙන් සහ ක්ෂණික ඇමතුම් අංක 109, දුරකථන 0112 444 444 ඔස්සේ ඕනෑම අයෙකුට පහසුවෙන් පැමිණිලි කිරීමටයි ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ මහජන පැමිණිලි කවුළුව ස්ථාපිත කර ඇත්තේ.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සෘජුවම පොලිස් ස්ථාන වෙත යාමට මැලිකමක් දක්වන නව යොවුන් වියේ දරුවන්ට හානියක් නොවන පරිදි මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික දුරකථන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මහජන පැමිණිලි මැදිරිය අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර කඩිනමින් සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?