කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි සිදුවීම් ගැන කියන්න නව දුරකථන අංකයක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපරාධ වාර්තා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකය වන ‘109’ හරහා කාන්තාවන්ට එරෙහි අපරාධ වාර්තා කළ හැකියි.

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාදීමට හෝ පැමිණිලි කිරීමට පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ක්ෂණික ඇමතුම් අංකය හරහා කිරීමේ හැකියාව පවතිනවා.

2023 දෙසැම්බර මාසයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී නව දුරකථන අංකයක් හඳුන්වා දෙන බවයි.

සිද්ධිය වාර්තා කරන ඕනෑම අයෙකුගේ පහසුව සඳහා ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලැබෙන ඇමතුම්වලට පිළිතුරු ලබාදීම සඳහා පොලිස් කාන්තාවන් පමණක් යෙදවීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වය, ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට කෲරත්වය යනාදිය විමර්ශනය කර වළක්වනු ලබනවා.

[email protected] යන විද්‍යුත් තැපෑලෙන් සහ ක්ෂණික ඇමතුම් අංක 109, දුරකථන 0112 444 444 ඔස්සේ ඕනෑම අයෙකුට පහසුවෙන් පැමිණිලි කිරීමටයි ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ මහජන පැමිණිලි කවුළුව ස්ථාපිත කර ඇත්තේ.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සෘජුවම පොලිස් ස්ථාන වෙත යාමට මැලිකමක් දක්වන නව යොවුන් වියේ දරුවන්ට හානියක් නොවන පරිදි මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික දුරකථන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මහජන පැමිණිලි මැදිරිය අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර කඩිනමින් සිදු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04