Empty Ad
AFC Banner
Empty Ad

කාන්තාවක් පැදවූ රියක් කිරුළපන දී දුම්රියේ ගැටෙයි

කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබෙනවා.

අදාළ මෝටර් රථය කාන්තාවක් විසින් පදවාගෙන පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

ඇයට අමතරව රථය තුළ තවත් කාන්තාවක් ගමන් කොට ඇති බව සඳහන්.

අනතුරින් තුවාළ ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර පොලීසිය පවසන්නේ නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ගේට්ටු වැසීම සඳහා නිසි අයුරින් සංඥා ලබානොදීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව යි.

අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුවී තිබෙනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා කොල්ලුපිටිය ප්‍රදේශයේ රැකියාවෙහි නිරත වීමෙන් අනතුරුව රැකියා ස්ථානයේ සිට මහරගම නිවස කරා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව යි වාර්තා වන්නේ.

කොළඹ සිට පාදුක්ක දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක අදාළ මෝටර් රිය ගැටී තිබුණා.

දුම්රිය ආසන්න වනවාත් සමගම මෝටර් රථයේ එන්ජිම නතර වූ බවත් එම අවස්ථාවේ දී මෝටර් රථයේ බඳ කොටසේ දුම්රිය ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසනවා.

දුම්රියේ ගැටුණු මෝටර් රථය අඩි 8ක් පමණ ඉදිරියට ඇදී ගිය බව ද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහි දී ඔහු සඳහන් කර ඇත්තේ දුම්රිය ගේට්ටුව වැසීම සඳහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් නිසි දැනුම්දීමක් තමන්ට නොලැබුණු බවයි.

ඒ හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව යි ඔහු පෙන්වා දෙන්නේ.

https://youtu.be/sE-AJ8u7cAQ?t=6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
COPE උණුසුම් වෙයි - විදේශ සේවා පැටිකිරි එළියට - කනෙන් දුන් දාන්නම බැණුම් #cope
07:27
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:02:56
Video thumbnail
🔴විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි - හොඳ හොඳ සෙල්ලම් එළියට එන COPE කමිටු රැස්වීම සජීවීව
02:33:58
Video thumbnail
අද කෝප් කමිටුවේ හොඳම ටික මෙන්න - ජගත් මනුවරණට මේවා දැකලා හොඳටම මල
27:04
Video thumbnail
විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි
08:53
Video thumbnail
කෝප් සභාපතිට අද හොඳටම තදවෙයි - මේක ගෙදර කියලා හිතුවද ඔයාලා
03:23
Video thumbnail
ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්
00:50
Video thumbnail
හත්තිලව්වේ තාම බැරිවුණා පොල් ගෙඩියේ මිල ඉහළ යන එක නවත්තගන්න
00:24
Video thumbnail
නුවන් බෝපගේගෙන් පොලීසියට ලොකු බාල්දියක්
00:54
Video thumbnail
ජනපති දිසාපතිවරුන්ට දුන්නු ඔවදන #anurakumaradissanayake
01:31

?