කාන්තාවක් පැදවූ රියක් කිරුළපන දී දුම්රියේ ගැටෙයි

කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබෙනවා.

අදාළ මෝටර් රථය කාන්තාවක් විසින් පදවාගෙන පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

ඇයට අමතරව රථය තුළ තවත් කාන්තාවක් ගමන් කොට ඇති බව සඳහන්.

අනතුරින් තුවාළ ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර පොලීසිය පවසන්නේ නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ගේට්ටු වැසීම සඳහා නිසි අයුරින් සංඥා ලබානොදීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව යි.

අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුවී තිබෙනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා කොල්ලුපිටිය ප්‍රදේශයේ රැකියාවෙහි නිරත වීමෙන් අනතුරුව රැකියා ස්ථානයේ සිට මහරගම නිවස කරා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව යි වාර්තා වන්නේ.

කොළඹ සිට පාදුක්ක දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක අදාළ මෝටර් රිය ගැටී තිබුණා.

දුම්රිය ආසන්න වනවාත් සමගම මෝටර් රථයේ එන්ජිම නතර වූ බවත් එම අවස්ථාවේ දී මෝටර් රථයේ බඳ කොටසේ දුම්රිය ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසනවා.

දුම්රියේ ගැටුණු මෝටර් රථය අඩි 8ක් පමණ ඉදිරියට ඇදී ගිය බව ද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහි දී ඔහු සඳහන් කර ඇත්තේ දුම්රිය ගේට්ටුව වැසීම සඳහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් නිසි දැනුම්දීමක් තමන්ට නොලැබුණු බවයි.

ඒ හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව යි ඔහු පෙන්වා දෙන්නේ.

https://youtu.be/sE-AJ8u7cAQ?t=6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59