ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී ඇති ස්ථාන මාරුව නවතා, නැවත ඉපලෝගම පොලිස් ස්ථානයේම සේවය සඳහා පත් කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර – ඉපලෝගම රණජයපුර මංසන්ධියේ අද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක් පවත්වා තිබෙනවා.
පසුගිය දිනක යම් කාන්තාවක් ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයා තමාට ලිංගික හිරහැර බවට චෝදනා කරමින් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකළ අතර එය සනාථ කර ගැනීමට ඇය මෙතෙක් කටයුතු කර නොමැති බවටයි ප්දේශවාසීන් චෝදනා කරන්නේ.
ඉපලෝගම පොලිස් බල ප්‍රදේශය තුළ පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් ඉතා වැඩිවූ බවත්, එම ස්ථානාධිපතිවරයා වැඩ භාරගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය හා අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවද ඔවුන් විරෝධතාවයට එක්වෙමින් සදහන් කළා..













