AFC Banner
AFC Banner
Empty Ad

කාදිනල් හිමිපාණන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කරනවා.

බ්‍රිතාන්‍ය රූපවාහිනී ජාලයක් වන චැනල් 4 විසින් ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ.

කොළඹ අගරදගුරු මැදුරේ දී අද (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ කියාසිටියේ අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු තමන් පිළිගන්නේ එවැනි විමර්ශනයකින් පසුව පමණක් බවයි.

දේශපාලන බලපෑම් මත මූලික විමර්ශනවලින් ඉවත් කරන ලද සියලුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමෙන් මෙම කණ්ඩායමට සහාය විය යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

මේ වන විටත් ඉදිරිපත් කර ඇති විවිධ කොමිෂන් සභා වාර්තාවල දක්වා ඇති සොයාගැනීම් සහ තවමත් ක්‍රියාත්මක කර නොමැති නිර්දේශ මත මෙම පරීක්ෂණය ගොඩනැගිය යුතු බව අගරදගුරු හිමියන් අවධාරණය කරනවා.

මෙම විමර්ශනවල ස්වාධීනත්වය සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා, විමර්ශනයට ලක්විය හැකි පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම දැනට ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ ද වැඩ විමර්ශන අවසන් වන තෙක් තහනම් කරන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?