කාදිනල් හිමිපාණන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කරනවා.

බ්‍රිතාන්‍ය රූපවාහිනී ජාලයක් වන චැනල් 4 විසින් ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ.

කොළඹ අගරදගුරු මැදුරේ දී අද (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ කියාසිටියේ අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු තමන් පිළිගන්නේ එවැනි විමර්ශනයකින් පසුව පමණක් බවයි.

දේශපාලන බලපෑම් මත මූලික විමර්ශනවලින් ඉවත් කරන ලද සියලුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමෙන් මෙම කණ්ඩායමට සහාය විය යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

මේ වන විටත් ඉදිරිපත් කර ඇති විවිධ කොමිෂන් සභා වාර්තාවල දක්වා ඇති සොයාගැනීම් සහ තවමත් ක්‍රියාත්මක කර නොමැති නිර්දේශ මත මෙම පරීක්ෂණය ගොඩනැගිය යුතු බව අගරදගුරු හිමියන් අවධාරණය කරනවා.

මෙම විමර්ශනවල ස්වාධීනත්වය සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා, විමර්ශනයට ලක්විය හැකි පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම දැනට ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ ද වැඩ විමර්ශන අවසන් වන තෙක් තහනම් කරන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18