කාදිනල් හිමිපාණන් ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රූකාන්ත අබේසූරිය මහතා අධිකරණයට දන්වා සිටියේ මෙවැනි ගැටලු සම්බන්ධයෙන් සොයා බලනු ලබන්නේ ජාතික පොලිස් කොමිසම බවත් ජාතික පොලිස් කොමිසම මෙම පෙත්සමේ සාමාජිකයෙකු වශයෙන් නම් කර නොමැති බවයි.

එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේ වන විට වෙනස් වී ඇති බැවින් එය ද සංශෝධනය විය යුතු බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ අවධානය යොමු කළේ.

ඒ අනුව අදාළ ෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය අවසර දුන් අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 19 වනදා කැඳවන ලෙස නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ‌ පොලිස්පති වරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව ඒ පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

එම නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් ඒවා ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර කාදිනල් හිමියන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58