AFC Banner
AFC Banner
Empty Ad

මඩකලපුව – කල්මුණේ මාර්ගයේ අනතුරක් – තිදෙනෙක් රෝහලට

මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ ආරයම්පති, 04 කණුව ප්‍රදේශයේ දී අද (30) දින අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී වෙළඳසැල් කිහිපයකට අලාභහානි සිදුවී රියදුරු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි කාතතාන්කුඩි පොලිසිය සදහන් කළේ.

කොළඹ සිට අක්කරේපත්තු දක්වා ධාවනය වූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් රියදුරුට ඇතිවූ නිදිමත හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගමන්කර පාලමුණ හන්දියේ පිහිටි වෙළෙඳසැලක් ඇතුළු වෙළෙඳසල් කිහිපයක ගැටී තිබෙනවා.

මෙම අනතුර අද (30) දින අලුයම 03.30 ට පමණ 04 කණුව ප්‍රදේශයේදී සිදුව ඇති අතර අනතුරින් රියදුරු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා කාත්තන්කුඩි සහ ආරයම්බති රෝහල් වෙත ඇතුළත් කරනු ලැබුවා.

අනතුර සම්බන්ධයෙන් කාත්තන්කුඩි රථවාහන පොලිසිය පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?