කාක්කපල්ලියේ දී මාර්ගයෙන් පිටගිය පුද්ගලික බසය

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ කාක්කපල්ලිය මංසන්ධියේ දී පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ
වෙළඳසැලක් සහ ගස් කීපයක්ද කඩාගෙන ගේට්ටුවකට ද හානිකරමින් අනතුරක් සිදුව තිබෙනවා.

අද (12) උදෑසන සිදු වූ මෙම අනතුරින් බස් රථයට බරපතල අලාභ හානි සිදුව ඇති අතර, එහි ගමන් ගත් මගීන්ට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අධික වේගය හේතුවෙන් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම්ක අනතුර සිදුව ඇති අතර, හලාවත පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?