ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය, පනත් කෙටුම්පත ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ සහ ඊට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු තිබෙනවා.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමවන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී යි.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සහ නීති කටයුතු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.

‍ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අනුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන පිළිඳව දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු වුණා.

එසේම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වඩාත් හොදින් අවධානය යොමු කිරීම වැදගත් බවත් ඒ අනුව ඉදිරි දිනයකදී නැවතත් මෙම සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කරනු ලබන බවත් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමවන්ද්‍ර පවසා සිටියා.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, තිළින
සමරකෝන්, නිලන්ති කොට්ටහච්චි, සාගරිකා අතාවුද, සුරංග රත්නායක සහ විජේසිරි
බස්නායක යන අය සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?