ක්ලබ් වසන්තගේ ඝාතනය විදේශයක සිට මෙහෙයවපු එකක් – පොලිසිය (වීඩියෝ)

Update :- අතුරුගිරිය නගරයේ දී දෙදෙනකුට මරු කැඳවමින් සහ තවත් සයදෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් කළ වෙඩි තැබීම විදේශීය රටක සිට සැලසුම්සහගත ව සිදු කරන ලද ක්‍රියාවක් බවට මේ වනවිට (08) තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ; මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර; ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද පත් කර ඇති බවයි.

අද පෙරවරුවේ අතුරුගිරිය නගරයේ දී මෙම වෙඩි තැබීම සිදු වූ අතර; එහිදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නමැති 53 හැවිරිදි අයෙක්, එම ප්‍රදේශයේ ම පදිංචි 38 හැවිරිදි නයන වාසල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත් වුණා.

ඊට අමතර ව තවත් සයදෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර; එම තුවාලකරුවන් අතර විවෘත කළ නව ව්‍යාපාරික ආයතනයේ හිමිකරුගේ බිරිඳ, මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා, මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ ද සිටින බවයි පොලිසිය පැවසුවේ.

තුවාලකරුවන්ගෙන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලෙත් තවත් දෙදෙනකු හෝමාගම මූලික රෝහලෙත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ට සැත්කම් ද සිදු කර තිබෙනවා.

එමෙන්ම ක්ලබ් වසන්තගේ බිරිඳගේ අත් බෑගයේ තිබී රිවෝල්වරයක් ද සොයාගෙන ඇති අතර එයට බලපත්‍ර තිබේ දැයි යන්න සොයා බැලීම් කිරීමට මේ වනවිට එම ගිනි අවිය පොලිස් භාරයට ද ගෙන ඇති බවත් වාර්තා වනවා.

වෙඩික්කරුවන් ටී56 වර්ගයේ ගිනි අවි දෙකක් ඝාතන සඳහා යොදාගෙන ඇති බවයි විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ වනවිට සිද්ධිය සිදු වූ අවස්ථාවේ දී ම සැකකරුවන්ට රටින් පලා යා නොහැකි අයුරින් ගුවන් තොටුපොළ, ආගමන හා විගමන දෙපාර්තමේන්තු සහ සියලු ම පොලිස් ස්ථාන වෙත ද දැනුම්දීමට පියවර ගෙන ඇති බවත්; ඔවුන් රටින් පලා යාමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැති බවත් පොලිසිය පවසනවා.

ඝාතකයින් අපරාධය සිදු කර කාර් රථයකට නැගී අතුරුගිරියේ සිට කඩුවෙලට පලා ගොස් කොරතොට ප්‍රදේශයේ දී වෙනත් වෑන් රියකට ගොඩ වී ඇති බව ද හෙළි ව ඇතැයි සඳහන්.

මෙම වෙඩි තැබීම කාලාන්තරයක සිට දෙපිරිසක් අතර පැවති ආරවුලක් හේතුවෙන් විය හැකි බවට ද පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ, නවගමුව, කඩුවෙල, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය, නුගේගොඩ අපරාධ විමර්ශන අංශය විශේෂ විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
1
+1
18
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?