AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා පුහුණුකරුට සහ සිසුන්ට පහරදුන් පිරිස අත්අඩංගුවට

රත්නපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ක්‍රීඩා පුහුණුකරුවෙකුට සහ සිසුන් දෙදෙනෙකුට පහර දුන් බව කියන පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී මෙම පිරිස පුහුණුකරුට සහ ඔහුගේ සිසුන්ට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර තුවාල ලැබූ පුහුණුකරු සහ සිසුන් රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන් අවුරුදු 28ත් 48ත් අතර වයස්වල පසුවන ඕපනායක, රත්නපුර සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අතරින් දෙදෙනෙකු මලල ක්‍රීඩා සංගමයක සාමාජිකයින් වන අතර තවත් අයෙකු දිස්ත්‍රික් මට්ටමේ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

Ratnapura assault
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?