Empty Ad
AFC Banner
Empty Ad

ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ කමිටුවට එරෙහිව නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ලබන 10 වනදා තෙක් ඉදිරි පියවර නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බව දැනුම් දී ඇති බවයි.

එහිදී පෙත්සම්කාර ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නීතියට පටහැණි ආකාරයට ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි.

මෙවැනි කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙනු ලැබුවා.

ඔහු පැවසුවේ මෙම කමිටුවේ නියෝජිතයන් ඩුබායි රාජ්‍යයේ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරියා හමුවීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව තමන්ට එම කමිටු නියෝජිතයින් හමුවිය නොහැකි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇති බවයි.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තරය ඉදිරියේ අසාදු ලේඛනගත කිරීමේ අවධානමක් මතු වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 10 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදින තෙක් අදාළ සම්බන්ධීකරණ කමිටුව පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය මත ඉදිරි පියවර නොගන්නා ලෙස දන්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:57
<p>?</p>