ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනයට කතක් සමඟ තවත් අයෙක් අල්ලයි (වීඩියෝ)

අම්බලන්ගොඩ, කන්ද මාවත ප්‍රදේශයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික නිරෝෂණ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට තවත් සැකකරුවෙක් අද (19) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, කලේගාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙක්.

මේ අතර එම සැකකරු සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

එම කාන්තාව ගාල්ල, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක තැනැත්තියක්.

පොලිසිය සඳහන් කළේ මෙම මනුෂ්‍ය ඝාතනයට පෙර සහ පසු අදාළ කාන්තාවගේ ගිණුමට කිසියම් මුදල් ප්‍රමාණයක් බැර වී ඇති බවට අනාවරණය වූ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම අපරාධය විදෙස් ගතව සිටින පුද්ගලයෙක් විසින් හසුරවා ඇති බවට නිරීක්ෂණය වී ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර මෙම මනුෂ්‍ය ඝාතනය සඳහා යොදාගත් දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනිඅවිය අද (19) දින අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සොයාගෙන තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (19) බලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිසිය සඳහන් කළේ මේ වනවිට අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

2002 වසරේ ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ සිය නිවස ඉදිරිපිට දී පසුගිය 17 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21