ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමෙන් පසු ක්‍රීඩා ඇමති මාධ්‍යට කතා කරයි

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍යවෙත අද (06) පෙරවරුවේ අදහස් දක්වා සිටියා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඉදිරි කටයුතුවල දී ප්‍රධාන වශයෙන්ම පැති දෙකක් තියෙනවා. එකක් වෙච්ච දූෂණ වංචා අක්‍රමිකතා මේවා සොයලා බලන්න ඕනේ. ඊට වඩා ඉක්මනින් වෙන්න ඕනේ අපේ ක්‍රීඩාව යතාවත් කරන එක. මූලිකත්වය දීලා ඒක කරන්න ඕන, ඒ කියන්නේ ස්ථාවර කරලා මේ රටේ මුළු මහත් ජනතාවගේ හිතට නිදහසක් දුන්න ක්‍රිකට් ජයග්‍රහණ කරා යන්න. ඒ නිසා මම හිතනවා සුදුසුම පුද්ගලයා සභාපතිවරයා විදියට පත් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙක් පත් කරලා තියෙනවා. ඒ මේ පසුගිය කාලේ වෙච්ච අක්‍රමිකතා ගැන කමිටුවක් විදියට සොයන්න. ඒ වගේම මෙතනින් එහාට පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනයට, නීතිය මේවට අනු කමිටු ටික දාලා ඉදිරි කටයුතු ටික කරන්න සභාපතිතුමාට උපදෙස් ලබා දී තිබෙනවා. පළවෙනියට තියෙන්නේ ක්‍රිකට් ගහලා නැවත අපි ඉස්රහට යන එක කරන අභියෝගය ජයග්‍රහණය කරන්න. මම හිතනවා සුදුස්සට සුදුසු නැත ලබා දුන්නා කියන එක. මම හිතනවා මේ රටේ ජනතාව එකඟවෙනවා කියන එක.”

මේ අතර ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය සඳහා පත් කළ හිටපු නායක අර්ජුන රණතුංග එම තනතුර භාරගෙන රාජකාරී කිරීමට කැමැත්ත පළකළ බව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
2
+1
9
+1
2
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10