ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමෙන් පසු ක්‍රීඩා ඇමති මාධ්‍යට කතා කරයි

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍යවෙත අද (06) පෙරවරුවේ අදහස් දක්වා සිටියා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඉදිරි කටයුතුවල දී ප්‍රධාන වශයෙන්ම පැති දෙකක් තියෙනවා. එකක් වෙච්ච දූෂණ වංචා අක්‍රමිකතා මේවා සොයලා බලන්න ඕනේ. ඊට වඩා ඉක්මනින් වෙන්න ඕනේ අපේ ක්‍රීඩාව යතාවත් කරන එක. මූලිකත්වය දීලා ඒක කරන්න ඕන, ඒ කියන්නේ ස්ථාවර කරලා මේ රටේ මුළු මහත් ජනතාවගේ හිතට නිදහසක් දුන්න ක්‍රිකට් ජයග්‍රහණ කරා යන්න. ඒ නිසා මම හිතනවා සුදුසුම පුද්ගලයා සභාපතිවරයා විදියට පත් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙක් පත් කරලා තියෙනවා. ඒ මේ පසුගිය කාලේ වෙච්ච අක්‍රමිකතා ගැන කමිටුවක් විදියට සොයන්න. ඒ වගේම මෙතනින් එහාට පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනයට, නීතිය මේවට අනු කමිටු ටික දාලා ඉදිරි කටයුතු ටික කරන්න සභාපතිතුමාට උපදෙස් ලබා දී තිබෙනවා. පළවෙනියට තියෙන්නේ ක්‍රිකට් ගහලා නැවත අපි ඉස්රහට යන එක කරන අභියෝගය ජයග්‍රහණය කරන්න. මම හිතනවා සුදුස්සට සුදුසු නැත ලබා දුන්නා කියන එක. මම හිතනවා මේ රටේ ජනතාව එකඟවෙනවා කියන එක.”

මේ අතර ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය සඳහා පත් කළ හිටපු නායක අර්ජුන රණතුංග එම තනතුර භාරගෙන රාජකාරී කිරීමට කැමැත්ත පළකළ බව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
2
+1
9
+1
2
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?