ක්‍රිකට් අතුරු කමිටුව ගැන හරීන් ගත් තීරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් තැබූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සදහන් කර තිබෙනවා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කරන්නේ.

තවද ඔහු සදහන් කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?