කළුතර, පළාතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අද සවස හයට පමණ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පළාතොට ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තැබීමක් සිදුකොට පලා ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවත්, වෙඩි තැබීම සඳහා මිලිමීටර් නමය ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැක කෙරෙන බවත් පොලිසිය පවසනවා.

එම වෙඩි තැබීමෙන් අනතුරුව එම ස්ථානයේ හිස් ජීව උණ්ඩ දෙකක් සහ සජීවී උණ්ඩ දෙකක් වැටී තිබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කළුතර දකුණ පොලිසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලබනවා.

යතුරුපැදි සේවා ස්ථානයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙම යතුරුපැදි සේවා ස්ථානයේ හිමිකරුට මීට පෙරදි මරණ තර්ජන එල්ල වී ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !