Empty Ad
AFC Banner
Empty Ad

කළුතර ජනප්‍රිය පාසලක සිසුන් දහයක් රෝහල් ගත කරයි

කළුතර ජනප්‍රිය පාසලක එන්නතක් ලබාදීමෙන් පසු සිසුන් 10කු රෝහල් ගතකර තිබෙනවා.

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දින දහවල් කාලයේ සිසුන්ට එන්නතක් ලබා දීමෙන් පසු දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පාසලේ 07 සහ 08 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට මෙම එන්නත ලබාදී තිබෙනවා.

එම සිසුන් ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව සහ බියට පත්වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි රෝහලේ උසස් නිලධාරියෙක් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?