තංගල්ල පොලිස් කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් සහ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් එක්ව මිද්දෙනිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු සමඟ ගෝඩා මිලි ලීටර් 1,575,000ක්, නීතිවිරෝධී මත්පැන් මිලි ලීටර් 58,500ක්, බැරල් නවයක් සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවටගත් සැකකරු සහ එම උපකරණ වැඩිදුර පරීක්ෂණ සදහා මිද්දෙණිය පොලීසියට භාරදී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



