කවර බාධක පැමිණියත් අධ්‍යාපන පද්ධතියේ තීන්දු තීරණ කල් දැමීමට හැකියාවක් නෑ

කවර බාධක පැමිණිය ද ‍අධ්‍යාපන පද්ධතිය තුළ වැඩ කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු‍ අංශ සමග මනා සම්බන්ධිකරණයක් පවත්වාගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

2024 වසර තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත වැඩසටහන්, ඉදිරි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, සැලසුම් සහ සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු‍ අංශ ප්‍රධානීන් සමග කරුණු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවකට අද (04) එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ඇති වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයට පත්ව සිටීම සතුටට කරුණක් බව ද පෙන්වා දෙමින් එතුමියට සිය සුබ පැතුම් එක් කළ අමාත්‍යවරයා, පසුගිය කාලවකවානුව තුළ අභියෝග රැසකට මුහුණ දෙන අතරතුර අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීන්දු තීරණ ගැනීමට සිදු වූ බව ද අවධාරණය කර තිබෙනවා.

මෙම වසරේ පෙබරවාරි 02 වනදා සිට 16 වනදා දක්වා සති දෙකක කාල පරිච්ඡේදය තුළ සෑම පාසලක ම දෙමව්පියන් සමග පන්ති කව පැවැත්වීම සම්බන්ධව නව චක්‍රලේඛ නිකුත් කිරීම, ගුරු සංවර්ධන වැඩසටහන් සහ සෙසු මානව සම්පත් සංවර්ධන සැලැස්ම සම්පාදනය, පූර්ව ළමා අවධි සංවර්ධිත වැඩසටහන සඳහා පළාත්, කලාප, කොට්ඨාස පදනමින් පුහුණුකරුවන් පුහුණු කිරීම, ප්‍රාථමික ශේණි සඳහා කථන ඉංග්‍රීසි වැඩසටහන ආරම්භ කිරීම, උසස් පෙළ ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පසු මාර්ගෝපදේශ වැඩසටහන් සම්පාදනය, නව පාරිසරික සම්පත් මධ්‍යස්ථාන 17ක් ආරම්භ කිරීම ඇතුළු ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 26 ක් සම්බන්ධ කරුණු මෙහි දී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. ඒ ඒ අංශ ප්‍රධානීන් විසින් මෙම වැඩසටහන් හා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සම්බන්ධව දැනට ගෙන ඇති පියවර හා ප්‍රගතිය ද මෙහි දී ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?