කලාවැව පිටාර ගලයි – හදිසි වාන් දොරටුත් විවෘත කෙරේ (ඡායාරූප)

කලාවැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ අද (19) සවස කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැඟින් විවෘත කිරීමට කලාවැව ජලාශය භාර කාර්යාලය කටයුතු කර තිබෙනවා.

එම කාර්යාලය සඳහන් කරන්නේ මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86,916ක්ව පවතින බවයි.

ඒ, අනුව මේ වනවිට කලාවැව පිටාරගැලීම ද සිදුවෙමින් පවතින අතර, මෙලෙස හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔයට මුදාහැරෙන ජලප්‍රමාණය තප්පරයට ඝන අඩි 6300ක් පමණ වන බවයි බෝවතැන්න හා කලාවැව භාර කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න සඳහන් කළේ.

ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද (19) රාත්‍රිය වනවිට තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවයි.

කලාවැව හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ මේ වනවිට කලාවැව – අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය ආසන්නයෙන් ජලයෙන් යටවී ඇති අතර එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය එම මාර්ගය භාවිත කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?