කලාවැව පිටාර ගලයි – හදිසි වාන් දොරටුත් විවෘත කෙරේ (ඡායාරූප)

කලාවැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ අද (19) සවස කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැඟින් විවෘත කිරීමට කලාවැව ජලාශය භාර කාර්යාලය කටයුතු කර තිබෙනවා.

එම කාර්යාලය සඳහන් කරන්නේ මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86,916ක්ව පවතින බවයි.

ඒ, අනුව මේ වනවිට කලාවැව පිටාරගැලීම ද සිදුවෙමින් පවතින අතර, මෙලෙස හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔයට මුදාහැරෙන ජලප්‍රමාණය තප්පරයට ඝන අඩි 6300ක් පමණ වන බවයි බෝවතැන්න හා කලාවැව භාර කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න සඳහන් කළේ.

ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද (19) රාත්‍රිය වනවිට තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවයි.

කලාවැව හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ මේ වනවිට කලාවැව – අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය ආසන්නයෙන් ජලයෙන් යටවී ඇති අතර එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය එම මාර්ගය භාවිත කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14