AFC Banner
AFC Banner
Empty Ad

කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කෙරේ

කලාවැව ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලුණු වර්ෂාවත් සමග ජල ධාරිතාවය ඉහළ යාම නිසා එහි හදිසි වාන්දොරටු අද (08) පස්වරු 3 සිට විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් මේ වනවිට විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද සවස් වන විට කලාවැවේ සමස්ථ ජල ප්‍රමාණය අක්කර අඩි 84582ක්ව පැවතුණා.

හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග තත්පරයට ඝණ අඩි 2017ක ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරෙනවා.

දඹුලුඔය ඇතුලු ජල මූලාශ්‍ර ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 5101ක පමණ ප්‍රමාණයක් කලා වැවට එක්වෙමින් පවතින බව ද ජලාශ බාර කාර්යාලය සඳහන් කළා.

පවතින තත්ත්වය අනුව රාත්‍රි කාලයේදී තවදුරටත් එම හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට සහ ආපදා අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කලාඔය දෙපස පදිංචිකරුවන්ට අනුරාධපුර ආපදා කලමණාකරන ඒකකය දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?