කල් ඉකුත් වූ ලයිසන් එකකින් බස් පැදපු අයට වැඩ වරදියි

කල් ඉකුත් වූ මගී ප්‍රවාහන අවසර පත්‍රයක් යොදා ගනිමින් ධාවනය කළ සුඛෝබභෝගී බස් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වැටලීම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ බස් රථයක් නවත්වා පරීක්ෂා කිරීමේ දී නිරීක්ෂණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

කල් ඉකුත් වු මගී ප්‍රවාහන අවසර පත්‍රයක් සහිතව හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සුඛෝබපභෝගී බස් රථයක් ධාවනය කරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත ලැබුණු පණිවිඩයක් මත හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් හැටන් බස් නැවතුම්පොළේ දී එම බස් රථය පරීක්ෂා කෙරුණා.

බස් රථය හැටන් පොලිස් භාරයට ගෙන ඇති අතර, බස් රථයේ රියදුරා සහ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පැවසුවා.

කල් ඉකුත් වු මගී ප්‍රවාහන අවසරපත්‍රය මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් තාවකාලිකව නිකුත් කළ අවසරපත්‍රයක් බවත්, හැටන් බස් නැවතුම්පොළේ ස්ථානාධිපතිවරයා සහ ඇතැම් වේලාවන් සටහන්කරුවන්ගේ සහාය ඇතිව මෙම බස් රථය ධාවනය කර ඇති බවට සිදු කරන ලද විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?