කල් ඉකුත් වූ ලයිසන් එකකින් බස් පැදපු අයට වැඩ වරදියි

කල් ඉකුත් වූ මගී ප්‍රවාහන අවසර පත්‍රයක් යොදා ගනිමින් ධාවනය කළ සුඛෝබභෝගී බස් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වැටලීම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ බස් රථයක් නවත්වා පරීක්ෂා කිරීමේ දී නිරීක්ෂණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

කල් ඉකුත් වු මගී ප්‍රවාහන අවසර පත්‍රයක් සහිතව හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සුඛෝබපභෝගී බස් රථයක් ධාවනය කරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත ලැබුණු පණිවිඩයක් මත හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් හැටන් බස් නැවතුම්පොළේ දී එම බස් රථය පරීක්ෂා කෙරුණා.

බස් රථය හැටන් පොලිස් භාරයට ගෙන ඇති අතර, බස් රථයේ රියදුරා සහ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පැවසුවා.

කල් ඉකුත් වු මගී ප්‍රවාහන අවසරපත්‍රය මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් තාවකාලිකව නිකුත් කළ අවසරපත්‍රයක් බවත්, හැටන් බස් නැවතුම්පොළේ ස්ථානාධිපතිවරයා සහ ඇතැම් වේලාවන් සටහන්කරුවන්ගේ සහාය ඇතිව මෙම බස් රථය ධාවනය කර ඇති බවට සිදු කරන ලද විමර්ශනවල දී හෙළිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38