AFC Banner
AFC Banner
Empty Ad

කලකට පසු පිටියට ආ කුසල් පෙරේරා මාධ්‍යට කී කතාව

නවසීලන්තය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් සුපිරි ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02) හැකියාව ලැබුණේ සුපිරි පන්දු වාරයේ දී නවසීලන්තය පරාජය කරමින්.

මෙම තරගයේ දී මාස 15කට පමණ පසු යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් අඟනා ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 196ක් දක්වා ඔසවා තබන්නට කටයුතු කළා.

මෙහිදී කුසල් පෙරේරා පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට කලකට පසු පැමිණි කුසල් පෙරේරා සිය අදහස් දක්වා සිටියා.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කර සිටියේ මාස 15ක පමණ කාලයකට පසු යළිත් ක්‍රීඩා පිටිය පැමිණ අද ක්‍රීඩා කළ ඉනිම සම්බන්ධයන් තමන් සතුටට පත්වන බවයි.

සුපිරි පන්දුවාරය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ඔහුගෙන් මෙහිදී අදහස් විමසා සිටියා.

මහිෂ් තීක්ෂණ යැවූ සුපිරි පන්දුවාරය ඉතා විශිෂ්ඨ පන්දුවාරයක් බවයි එහිදී කුසල් සඳහන් කර සිටියේ.

සුපිරි පන්දුවාරය තුළ ලකුණු 08කට නවසීලන්තය සීමා කිරීමෙන් පසු එම ලකුණු හඹායාමට පෙර කණ්ඩායම තුළ කතා බහට ලක්වූ කරුණු සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් දක්වා සිටියා.

දිවගොස් ලකුණු ලබාගනිමින් අදාළ ජයග්‍රාහී සීමාව පසුකර යාමට නායකයා සහ අනෙකුත් ක්‍රීඩකයින් අතර එහිදී අදහස් හුවමාරු වූ බවයි මෙම මාධ්‍ය හමුවේ දී කුසල් පවසා සිටියේ.

මේ අතර ඩනෙඩින් හිදී පැවැත් වීමට නියමිත දෙවන තරගයේ දී හොඳ තරගයක් ප්‍රතිවාදීන්ට ලබාදීම සම්බන්ධයෙන් කණ්ඩායම තුළ සැලසුම් කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?