කලකට පසු පිටියට ආ කුසල් පෙරේරා මාධ්‍යට කී කතාව

නවසීලන්තය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් සුපිරි ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02) හැකියාව ලැබුණේ සුපිරි පන්දු වාරයේ දී නවසීලන්තය පරාජය කරමින්.

මෙම තරගයේ දී මාස 15කට පමණ පසු යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් අඟනා ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 196ක් දක්වා ඔසවා තබන්නට කටයුතු කළා.

මෙහිදී කුසල් පෙරේරා පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට කලකට පසු පැමිණි කුසල් පෙරේරා සිය අදහස් දක්වා සිටියා.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කර සිටියේ මාස 15ක පමණ කාලයකට පසු යළිත් ක්‍රීඩා පිටිය පැමිණ අද ක්‍රීඩා කළ ඉනිම සම්බන්ධයන් තමන් සතුටට පත්වන බවයි.

සුපිරි පන්දුවාරය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ඔහුගෙන් මෙහිදී අදහස් විමසා සිටියා.

මහිෂ් තීක්ෂණ යැවූ සුපිරි පන්දුවාරය ඉතා විශිෂ්ඨ පන්දුවාරයක් බවයි එහිදී කුසල් සඳහන් කර සිටියේ.

සුපිරි පන්දුවාරය තුළ ලකුණු 08කට නවසීලන්තය සීමා කිරීමෙන් පසු එම ලකුණු හඹායාමට පෙර කණ්ඩායම තුළ කතා බහට ලක්වූ කරුණු සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් දක්වා සිටියා.

දිවගොස් ලකුණු ලබාගනිමින් අදාළ ජයග්‍රාහී සීමාව පසුකර යාමට නායකයා සහ අනෙකුත් ක්‍රීඩකයින් අතර එහිදී අදහස් හුවමාරු වූ බවයි මෙම මාධ්‍ය හමුවේ දී කුසල් පවසා සිටියේ.

මේ අතර ඩනෙඩින් හිදී පැවැත් වීමට නියමිත දෙවන තරගයේ දී හොඳ තරගයක් ප්‍රතිවාදීන්ට ලබාදීම සම්බන්ධයෙන් කණ්ඩායම තුළ සැලසුම් කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32