කරන්දෙණිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කරන්දෙණිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය හා ගිනි අවියක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) දින ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී සිදුකළ වැටලීමකින් අනතුරුවයි.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි, මිලි ග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටීම හා ගිනි අවි ළඟ තබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොල්පැලකැටිය, තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත ගිණිමඩුකන්ද, කහදූව, ඇල්පිටිය යන ලිපිනයේ පිහිටි නිවසක දී වයස අවුරුදු 29 ක පුද්ගලයකු ද අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දා සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයෙක් බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එම සැකකරු මාර්තු මාසයේ 11 වන දින පිටිගල පොලිස් වසමේ දී සිදු වූ ද්විත්ව ඝාතනයට ආධාර අනුබලදීමට අදාළව අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබුණා.

WhatsApp Image 2024 09 01 at 07.35.46
WhatsApp Image 2024 09 01 at 07.35.45 1
WhatsApp Image 2024 09 01 at 07.35.45
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21