කරන්දෙණිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කරන්දෙණිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය හා ගිනි අවියක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) දින ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී සිදුකළ වැටලීමකින් අනතුරුවයි.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි, මිලි ග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටීම හා ගිනි අවි ළඟ තබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොල්පැලකැටිය, තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත ගිණිමඩුකන්ද, කහදූව, ඇල්පිටිය යන ලිපිනයේ පිහිටි නිවසක දී වයස අවුරුදු 29 ක පුද්ගලයකු ද අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දා සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයෙක් බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එම සැකකරු මාර්තු මාසයේ 11 වන දින පිටිගල පොලිස් වසමේ දී සිදු වූ ද්විත්ව ඝාතනයට ආධාර අනුබලදීමට අදාළව අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබුණා.

WhatsApp Image 2024 09 01 at 07.35.46
WhatsApp Image 2024 09 01 at 07.35.45 1
WhatsApp Image 2024 09 01 at 07.35.45
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?