කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහිල් රංගජිව මුණසිංහ අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අද (21) උදෑසන ශරීර සුවතාවය වෙනුවෙන් අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ ඇවිදිමින් සිටිය දී ඇති වූ හදිසි හෘදයාබයක් හේතුවෙන් කරන්දෙණිය, බොරලන්ද රෝහලට ඇතුළත් කර පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 47 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු එක්දරු පියෙක් වනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේග නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඔහු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා.

ඔහුගේ මෘතදේහය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය ඇල්පිටිය මූලික රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
22
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?