කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහිල් රංගජිව මුණසිංහ අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අද (21) උදෑසන ශරීර සුවතාවය වෙනුවෙන් අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ ඇවිදිමින් සිටිය දී ඇති වූ හදිසි හෘදයාබයක් හේතුවෙන් කරන්දෙණිය, බොරලන්ද රෝහලට ඇතුළත් කර පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 47 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු එක්දරු පියෙක් වනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේග නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඔහු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා.

ඔහුගේ මෘතදේහය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය ඇල්පිටිය මූලික රෝහල වෙත යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40