පියඹා යමින් සිටි කපුටන් හදිසියේ මිය ගිහින් (ඡායාරූප සහ වීඩියෝ)

පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක ලෙස කපුටන් මිය ගොස් ඇති බව ජනතාව පවසනවා.

කපුටන් 100කට ආසන්න ප්‍රමාණයක් නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක මිය ගොස් ඇති බවයි ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ.

මරණයට පත්ව සිටින කපුටන් ආසන්න ප්‍රදේශවල අහසේ කපුටන් විශාල ලෙස පියාඹින් සිටින ආකාරය ද දැක ගත හැකි බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මෙලෙස කපුටන් මිය යාම කුමන හේතුවක් මත සිදුවූවක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මරණයට පත් වූ කපුටන්ගේ සිරුරු තැනින් දැක ගත හැකි අතර ජනතාව ප්‍රකාශ කළේ මීට පෙර කිසිදු අවස්ථාවක මෙලෙස කපුටන් මියගොස් ඇති ආකාරය දැක නොමැති බවයි.

ඇතැම් කපුටන් පියාසර කරමින් සිටියදී එකවර බිමට පතිත වූ බවත් එලෙස වැටුණු කපුටන් විනාඩි කිහිපයකින් මරණයට පත්වන ආකාරය තමන් දුටු බව ද ඔවුන් සඳහන් කළා.

ඇතැම් ප්‍රදේශවාසීන් එලෙස බිම පතිත වී සිටින කපුටන්ට ජලය පානය කරවීමට ද උත්සාහ කර තිබුණා.

ප්‍රදේශවාසීන් මේ පිළිබඳව පුත්තලම පශු වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කර තිබෙනවා.

පුත්තලම පශු වෛද්‍ය නිලධාරී චන්දික සමරසිංහ මහතාගෙන් කළ විමසිමේදී ඔහු කියාසිටියේ මියගොස් ඇති කපුටන්ගේ සිරුරු සාම්පල හලාවත පශු විමර්ශ ඒකකය මගින් පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇති බවයි.

ඒ පිළිබඳව ලැබෙන පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීමට සූදානම් බව ද ඔහු සඳහන් කළා.

https://www.youtube.com/watch?v=JoiwVIw5I6s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
9
+1
2
+1
8
+1
74
+1
9
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58