පියඹා යමින් සිටි කපුටන් හදිසියේ මිය ගිහින් (ඡායාරූප සහ වීඩියෝ)

පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක ලෙස කපුටන් මිය ගොස් ඇති බව ජනතාව පවසනවා.

කපුටන් 100කට ආසන්න ප්‍රමාණයක් නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක මිය ගොස් ඇති බවයි ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ.

මරණයට පත්ව සිටින කපුටන් ආසන්න ප්‍රදේශවල අහසේ කපුටන් විශාල ලෙස පියාඹින් සිටින ආකාරය ද දැක ගත හැකි බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මෙලෙස කපුටන් මිය යාම කුමන හේතුවක් මත සිදුවූවක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මරණයට පත් වූ කපුටන්ගේ සිරුරු තැනින් දැක ගත හැකි අතර ජනතාව ප්‍රකාශ කළේ මීට පෙර කිසිදු අවස්ථාවක මෙලෙස කපුටන් මියගොස් ඇති ආකාරය දැක නොමැති බවයි.

ඇතැම් කපුටන් පියාසර කරමින් සිටියදී එකවර බිමට පතිත වූ බවත් එලෙස වැටුණු කපුටන් විනාඩි කිහිපයකින් මරණයට පත්වන ආකාරය තමන් දුටු බව ද ඔවුන් සඳහන් කළා.

ඇතැම් ප්‍රදේශවාසීන් එලෙස බිම පතිත වී සිටින කපුටන්ට ජලය පානය කරවීමට ද උත්සාහ කර තිබුණා.

ප්‍රදේශවාසීන් මේ පිළිබඳව පුත්තලම පශු වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කර තිබෙනවා.

පුත්තලම පශු වෛද්‍ය නිලධාරී චන්දික සමරසිංහ මහතාගෙන් කළ විමසිමේදී ඔහු කියාසිටියේ මියගොස් ඇති කපුටන්ගේ සිරුරු සාම්පල හලාවත පශු විමර්ශ ඒකකය මගින් පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇති බවයි.

ඒ පිළිබඳව ලැබෙන පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීමට සූදානම් බව ද ඔහු සඳහන් කළා.

https://www.youtube.com/watch?v=JoiwVIw5I6s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
9
+1
2
+1
8
+1
74
+1
9
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?