කන්ටේනර් 800ක් වරායේ සිරවේ

මේ වනවිට වරායේ කන්ටේනර් 800 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වනවා. ඒ රේගු පරීක්ෂණ හේතුවෙන් .මේ හේතුවෙන් වරායේ විශාල ඉඩ ප්‍රමාණයක් ඵලදායී කාර්යයකට යොදාගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ නාවික ඒජන්තවරුන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකදි අනාවරණය කළා.මෙම කන්ටේනර් කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා රේගු හා වරාය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.