AFC Banner
AFC Banner
Empty Ad

කන්ටේනර් බහාලුමක් යටින් රට අවියක් සොයාගෙන

මීතොටමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිටුපස රඳවා ඇති කන්ටේනර් බහාලුමක් යට සඟවා තිබිය දී විදෙස් රටක නිෂ්පාදිත නවීන පිස්තෝල අවියක් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (08) වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිටුපස සිදුකළ සෝදිසි කිරීමක දී මෙම අවිය සොයාගන ඇති බවයි වාර්තා වුණේ.

පිස්තෝලයට අමතරව ඒ සඳහා යොදන මැගසින් දෙකක් ද මෙහිදී සොයාගෙන ඇති අතර, ඒවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙම පිස්තෝල අවිය සඟවා තබන්නට ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?