AFC Banner
Empty Ad
Empty Ad

කතුන්ට තනිව දුරබැහැර ගමන් අකැප වෙයි

සමීප පිරිමි නෑදැයෙකු සමග මිස තනිව දුර බැහැර යන කතුන් හට ප්‍රවාහන පහසුකම් ලබා නොදිය යුතු බව ඇෆ්ගනිස්තානය පාලනය කරන තලෙයිබාන් සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් ඊයේ (26) දින නිකුත් කර තිබේ.

මේ අනුව, කි.මී. 72කට වැඩිය දුර ප්‍රමාණයක් සමීප පිරිමි නෑදැයෙකු රහිතව ගමන් ගන්නා කතුන් හට ප්‍රවාහන පහසුකම් ලබා නොදිය යුතු බව එහි දැක්වේ.

මෙම උපදෙස් මාලාව මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ වාහන හිමියන් විසින් ප්‍රවාහන පහසුකම් ලබාදිය හැක්කේ ඉස්ලාමීය හිජාබයෙන් සැරසී සිටින කතුන්ට පමණක් බවයි.

මීට සති කිහිපයකට පෙර වාර්තා වූයේ නිළියන් සිටින නාට්‍ය මාලා විකාශය නොකරන ලෙස ද ඇෆ්ගන් බලධාරීන් විසින් එරට රූපවාහිනී නාලිකා වලට දැනුම් දී තිබුණි. රූපවාහිනී මාධ්‍යවේදිනියන් විසින් වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී හිජාබයෙන් සැරසී සිටිය යුතු බවද වැඩිදුරටත් බලධාරීන් විසින් පවසා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?