කතරගම වඳින්න යන ලංකාවේ දිගම පාද යාත්‍රාව ගමන් අරඹයි

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පා ගමනින් උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව ඊයේ (06) සවස යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ වුණා.

කෝවිලේ ප්‍රධාන පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පාද යාත්‍රාව ආරම්භ වූ අතර යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජීවත් වන බැතිමතුන් පිරිසක් මෙන්ම මුලතිව් ප්‍රදේශයෙන් ද මෙම පාද යාත්‍රාවට එකතු වන බැතිමතුන් පිරිසක් සමගයි කතරගම දක්වා ගමන් කරනු ලබන්නේ.

වසර 23ක් පුරාවට මෙම පාද යාත්‍රාව සෑම වසරකම යාපනයේ සිට කතරගම දක්වා ගමන් කෙරෙනවා.

ඊයේ දින ආරම්භ කෙරුනු පාද යාත්‍රාව යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, උහන හරහා කතරගම ‍‍දේවාලය වෙත ගමන් කිරීම සිදු වනවා.

පසුගිය 2022 වසරේ යාපනයේ සිට දින 46ක් පුරාවට කිලෝමීටර් 600කට අධික දුර ප්‍රමාණයක් ගෙවමින් බැතිමතුන් මෙලෙස කතරගම දේවාලය දක්වා ගමන් කරනු ලැබුවා.

මෙලෙස ගමන් කරනු ලබන පාද යාත්‍රාවේ බැතිමතුන්ට අතරමගදී ආගමික සිද්ධස්ථාන, ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය වැසියන් මගින් ආහාර පානාදිය හා නවාතැන් පහසුකම් ලබාදීම සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
2
+1
3
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47