කතකට මරු කැඳවූ රිය අනතුර – 14ක් රෝහලට; දෙදෙනෙක්ට බරපතළයි

මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ දී ඊයේ (21) සවස සිදු වු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ කල්මුනෙයි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් බවයි.

කල්මුනෙයි ප්‍රදේශයේ සිට මන්නාරම දක්වා වෑන් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක් ව තිබෙනවා.

රිය අනතුරට ලක් වූ පිරිස එකම පවුලේ පිරිසක් බව ද හෙළි ව ඇති බවයි වාර්තා වන්නේ.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් වෑන් රථය මාර්ගය අසළ විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවට පොලිසිය සැක කරනවා.

අනතුරින් තුවාල ලැබූවන් මුරුන්කන් රෝහලට ඇතුළත් කෙරුණා.

ඉන් පුද්ගලයින් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්කන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
12
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10