කතකට මරු කැඳවූ රිය අනතුර – 14ක් රෝහලට; දෙදෙනෙක්ට බරපතළයි

මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ දී ඊයේ (21) සවස සිදු වු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ කල්මුනෙයි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් බවයි.

කල්මුනෙයි ප්‍රදේශයේ සිට මන්නාරම දක්වා වෑන් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක් ව තිබෙනවා.

රිය අනතුරට ලක් වූ පිරිස එකම පවුලේ පිරිසක් බව ද හෙළි ව ඇති බවයි වාර්තා වන්නේ.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් වෑන් රථය මාර්ගය අසළ විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවට පොලිසිය සැක කරනවා.

අනතුරින් තුවාල ලැබූවන් මුරුන්කන් රෝහලට ඇතුළත් කෙරුණා.

ඉන් පුද්ගලයින් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්කන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
12
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?