සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (26) යි.
තරගය ඊයේ (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය සංචාරකයින් අතට පත් කරමින්.
ඒ අනුව පළමු ව පන්දුවට පහරදීම තෝරාගත් බංග්ලාදේශය ඊයේ දිනය නිමාවන විට කඩුලු 08ක් දැවී ලකුණු 220ක් ලබා සිටියා.
බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා වූයේ ශඩ්මන් ඉස්ලාම්.
ඒ ලකුණු 46ක්.
ශඩ්මන් දැවී ගියේ තරිඳු රත්නායක යොමු කළ පන්දුවක් හමුවේයි.
ඉන් අනතුරුව පිටියේ ක්‍රියාත්මක වූ මුෂ්ෆිකර් රහීම් ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වේගෙන පැමිණෙමින් සිටියදී ලකුණු 35කට දවා ගැනීමට සිය කුළුඳුල් ජාත්‍යන්තර ටෙස්ට් තරගයට එක් වූ සොනාල් දිනූෂ සමත් වුණා.
පසුව සොනාල්ගේ විශිෂ්ට පන්දු යැවීමේ ගොදුරක් බවට ලකුණු 34ක් අතැතිව සිටි ලිටන් දාස් ද හසුවුණා.
නයීම් හසන් ලකුණු 25යි.
තරගයේ දෙවැනි දිනය ආරම්භ කිරීමට 09 වැනි කඩුල්ලට සූදානම් ව සිටින්නේ ටයිජුල් ඉස්ලාම් සමගින් එබඩොට් හොසේන්.
කඩුලු බිඳ දැමීමේ දී විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා සොනාල් දිනූෂ කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.
ධනංජය ද සිල්වා හා තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.





